off

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ප්‍රකාශනය

අති පූජ්‍ය වන්දනීය අග්‍ර මහ පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේගේ අපවත්වීමේ පුවත සමඟ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඉමහත් ශෝකයට පත් ව සිටින අතර, විශේෂයෙන් අපගේ රට සාමය, සංහිඳියාව සහ සුවපත්වීම සඳහා අති දුෂ්කර ගමනක යෙදී සිටින කාලයක, උතුම් පෞරුෂයකින් හෙබී මෙවැනි නායකයකු අහිමිවීම කණගාටුවකි.

අති වන්දනීය අග්‍ර මහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නායක ස්වාමින් වහන්සෙ,් ප්‍රියශීලි, ආගමික නායක තුමෙකු වූ අතර, සාමය සහ ඉවසීම යන අරමුණ කරා දිරිගන්වමින් ආගමික සහ ජාතීන් අතර සමඟිය සඳහා අත්‍යවශ්‍ය නායකත්වයක් අප දේශයට ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සමඟ ඉතා සමීපව සහයෝගිතාවයෙන් ක්‍රියා කළ හ.

මහ නායක හිමියන්ගේ අපවත්වීම ඉමහත් පාඩුවක් වී ඇති මෙවන් මොහොතක ශ්‍රී ලංකා අමරපුර නිකායටත් අප රටේ ජනතාවටත්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ සාතිශය සංවේගය පල කරන අතර, අති වන්දනීය අග්‍ර මහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නායක ස්වාමින් වහන්සේ අපට උරුම කල දායාදයන් අපගේ මාතෘ භූමිය වන ලංකාවේ සියලු පුරුවැසියන්ගේ හදවත් සහ මනස තුළ පල දරනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.

අති වන්දනීය අග්‍ර මහ පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නායක ස්වාමින් වහන්සේ පැතූ ශාන්තිය අත්වේවායි ප්‍රාර්ථනා කරමු!

2021 මාර්තු 25 දින

අත්සන් කරන ලද්දේ:

සාමාජික සභාවන්

  • ගරු ඩබ්ලිව්. පී. එබනේසර් ජෝසෆ් දේවගැතිතුමා – සභාපති, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ මහ නායක ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව
  • අතිගරු කීර්තිසිරි ප්‍රනාන්‍දු රදගුරුතුමා – ලංකා සභාව, කුරුණෑගල දියෝකීසිය
  • අතිගරු දුශාන්ත රුද්‍රිගු ‐ රදගුරුතුමා – ලංකා සභාව, කොළඹ දියෝකීසිය
  • අතිගරු ධර්මාචාර්ය ඩැනියල් එස්. තියාගරාජා රදගුරුතුමා දකුණු ඉන්දියානු සභාව – යාපනය දියෝකීසිය
  • ගරු හේෂාන් ද සිල්වා දේවගැතිතුමා – සභාපති, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය
  • ගරු ෂර්ලි එස්. ෆේබර් දේවගැතිතුමා – සභාපති, ක්‍රිස්තියානි රෙපරමාදු සභාව
  • ගරු සමන් පෙරේරා දේවගැතිතුමා – පරිනියාමක/සභාපති, ශ්‍රී ලංකා ප්‍රෙස්බිටේරියන් සභාව
  • කර්නල් නිහාල් හෙට්ටිආරච්චි – ප්‍රාදේශීය භාර මූලිකතුමා, ගැලවීමේ හමුදාව
  • ගරු ධර්මාචාර්ය ක්‍රිසෝ හැන්ඩි දේවගැතිතුමා – සභාපති එසෙම්බිලිස් ඔෆ් ගෝඩ් සිලෝන් සභාව
  • ගරු ඇස් ජොර්ඡ් නිරන්ජන් දේවගැතිතුමා – සභාපති (වැඩබලන) ශ්‍රී ලංකා සිව් චතුරශ්‍ර සභාව
  • ගරු මැක්ස්වෙල් ඩොස් දේවගැතිතුමා – මහ ලේකම්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය

සාමාජික සාමයික සංවිධාන

  • තරුණ ක්‍රිස්තියානි සංගමය
  • තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය
  • ලංකා බයිබල් සමාගම
  • ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය පිළිමතලාව
  • ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපරය
  • ලංකා ක්‍රිස්තියානි සාහිත්‍ය සමාගම
  • ජීවිතාලෝකය
About the Author